ලියෝ සාමාජිකයන්ට හා සිංහයන්ට සුබ නව වසරක් පතන්නේ මහත් සතුටිනි. මේ වසර ලියෝ බහු දිස්ත්රික්ක 306 ට ඉතා වැදගත් වසරක් වූ අතර මේ වසරට සාර්ඨක ආරම්භයක් ලැබුන අතර අගනා වැඩසටහන් රැසක් සංවිදානය කිරීමට හැකි විය. මේ සියලු වැඩසටහන් ලියෝ සමාජ හා දිස්ත්රික්ක වල සහයෝගයෙන් කෙරුන ඒවා වේ.
මට හා බහු දිස්ත්රික් කවුන්සිලයට 2009 වසර තුල ලබා දුන් සහයෝගයට ඔබට ස්තුතිවන්ත වන අතර 2010 අමතක නොවන වසරක් කර ගැනීමේ “සිහින” රැසක් අපට ඇත. ඒවා මුදුන්පත් කර ගැනීමට ඔබේ සහය තව දුරටත් අපේක්ශා කරමි.
මේ වැඩසටහන් අතර බහු දිස්ත්රික් සම්මේලනය , ක්රීඩා උලෙල හා තවත් නායකත්ව පුහුණු වැඩසටහන් කිහිපයක් පෙල ගැසී ඇත.
මේ “සිංහාවලෝකනයට” වේලාවයි. පසුගිය වසර දෙස හැරී බලන්න. ඔබ ලියෝ සමාජය , කවුන්සිලය හා ලියෝ වරයෙක් ලෙස ඔබ කර ඇති මෙහෙවර දෙස හැරී බැලීමට කාලයයි මේ. ! ඔබ සමාජයේ පරිපාලනය , සේවා වැඩසටහන් හා සාමාජිකත්වය දෙස හැරී බලා එම අංශ දියුණු කිරීමට කාලයයි මේ !
ඔබට සුබ නව වසරකට ආසිරි පතමි.
ලියෝ සදීප පල්ලියගුරු
ලියෝ බහු දිස්ත්රික් සභාපති – 2009 / 2010

